Spread the love

ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ තවත් පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ දේශීය උප නියෝජිතයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් නැමැති පුද්ගලයෙකි.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන් රැගෙන ගොස් ඔවුන් බලහත්කාරයෙන් වෙනත් රැකියාවල යෙදවූ බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ලවී ඇත.