Spread the love

යාපනය අච්චුවේලී වල්ලෙයි පාලම මත මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු පාලමෙන් වැටී අතුරුදහන්ව සිටියදී දිනකට පසු මළසිරුර නාවික හමුදාවෙන් සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.

අතුරුදහන් වූ තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමගින් පසුගිය 22 වනදා වල්ලෙයි පාලමට ගොස් ඇති අතර එහිදී එකවරම එම තරුණයා පලමෙන් වැටී ජලයේ ගිලීමෙන් අතරුදහන්ව ඇත.

පසුව ඒ පිළිබඳව අච්චුවේලී පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා ධීවරයින් එක්ව පොලීසිය විසින් අතුරුදහන් වූ තරුණයා 22 වනදා සවස් වනතුරුම සෙව්වද සොයා ගැනීම නොහැකි වූ අතර පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දෙනු ලැබිය.

අනතුරුව යාපනය නාවික හමුදාවේ කිමිදුම් අංශ නිලධාරීන් පැමිණ සෝදිසි කිරීමේදී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගනු ලැබීය.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ පූදූර් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි බාස්කරන් තිලක්ෂණ නැමති අයෙකු වන අතර ඔහුගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.

මිය ගිය තරුණයා සමග මසුන් ඇල්ලීමට ගිය තරුණයින්ගෙන් පශ්න කිරීම් සිදුකොට අදාල මරණය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂනයක් සිදුකරන බවටද අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.