ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය.
එහිදී 2023 – 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව ඊයේ (27) නාමයෝජනා භාරගත් බවය.
ඉකුත් වසරේ නොවැම්බර් මස 23 වනදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ක්‍රිකට් නිලවරණ කමිටුව සඳහා සාමාජිකයින් පත්කරනු ලැබූ බව එම නිවේදනයේ දැක්වෙයි.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.
ඒ අනුව ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාර ගැනීමට ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වී පස්වරු 3.30ට අවසන් කෙරුණි.