Spread the love

රටේ ජනතාව දිනෙන් දින අපහසුතාවන්ට පත්වන බවත්, පාලකයන්ට නිවැරදි ලෙස පාලනය කිරීමට නොහැකි නම් අතහැර රට පාලනය කිරීමට හැකි පිරිසකට භාරදී යන ලෙසද ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි
ලබන වසර වන විට මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිත බවත් එම මැතිවරණ සෙල්ලමකට නොගන්නා ලෙසත් සාධාරණ සැලැස්මක් ඇති දේශපාලන ව්‍යාපාරයකට ඉදිරියේදී සහයෝගය ලබාදෙන බවද පැවසුවේය.

පෞද්ගලික උපයා ගැනීම් හැර ජාතික ක්‍රමවේදයක් සැකසීමට කිසිඳු පාලකයෙකුට උවමනාවක් නොමැති බවයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.