ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් අද (26) සිට අගෝස්තු 15 වැනිදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව සලසා දී ඇතිබව ප්රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද සිට ලබන 14 වැනිදා දක්වා පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා ඇප මුදල් තැන්පත් කල හැකිය.
අගෝස්තු 14 වැනිදා පෙරවරු 08.30 සිට 12.00 දක්වා පමණක් ඇප මුදල් භාර ගන්නා බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මේ අතර ජනාධිපතිවරණය ප්රකාශයට පත්කිරීමත් සමඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැම්පත් සිදුකර ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමත් සමඟ ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.