Spread the love

ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී ඇති බැවින් දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නොවැම්බර්  මස 14 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කළ හැකි දේශපාලන පක්ෂ සහ ඒ සඳහා වෙන් කර ඇති සළකුනු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂවලට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි