Spread the love

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන නිසා පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලන්නැයි ඉල්ලමින් මෝසම ගොනු කර ඇත.


තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර මෙම පෙත්සම විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් මෙම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.


අදාල පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් තැබුවද තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට දින නියම කර ඇති නිසා පෙත්සම යලි කැදවන්නැයි මෝසමෙන් ඉල්ලා සිටී.