Spread the love


නිමල් රාජපක්ෂ-

ටිකිරා ( GKEB 2) හා මැණිකේ (GKEB 1) වැඩි අස්වැන්නක් ලබා දෙන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම නව එළබටු විශේෂ දෙක පළතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත වෙයි. ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසින් මෙම නව එළබටුවර්ග දෙක හඳුන්වා දෙනු ලබයි.

ටිකිරා හා මැණිකේ මේ වනවිටත් ගොවින් අතර ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ ඹවුන් මේ වනවිටත් එම බෝග වගාවට පුරුදුවි ඇති බැවිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව නිෂ්පාදන රැසක් අත් හදා බලා ඇති අතර එම නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ රැසක් මේ වනවිට සාර්ථක වී තිබේ. විශේෂයෙන් වී හා අනෙකුත් අතිරේක බෝග රැසක් සම්බන්ධව නව පරීක්ෂණ සිදු කරන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023 අවසන් වන විට මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අලුත් බෝග වර්ග හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.