Spread the love

රුපියල් අසු ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීති විරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු රැගෙන ආ ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන තිබූ එම මැණික් තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ උකුසු ඇසට හසුවී තිබිණ.