Spread the love

මුල්කිරිගල ගුණරත්න

කතරගම මැණික් ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු (6) රාත්‍රි 7.30 ට පමණ කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මැණික් ගගේ අංක 2 පාලමත් අභිනවාරාම විහාරස්ථානයත් අතරදී මියගිය අය කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ . මියගිය අය මෙතෙක් හදුනාගෙන නැත . මොහු කතරගම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකු බවට සැකකරන බව පොලිසිය පවසයි.

දේහය තිස්සමහාරාම රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත .