Spread the love

ඉතිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගැනීමෙන් පසුවද වර්තමානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙල ඉදිරියටම පවත්වාගෙන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනට ගියේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමෙව් පසුව බවත් එනිසා එය ඉදිරියටම පවත්වාගෙන යා යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ නමුත් ඒ හැර වෙනත් විකල්පයක් තිබූ බව තම විශ්වාසය බවද පවසන ඔහු නමුත් මේ වන විට ණය ගිවිසුම් සියල්ල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඔබ්බවා ඇතැයි ද චෝදනා කරයි.

හෙතෙම මෙම අදහස් පල කරන්නේ විදෙස් මාධ්‍ය සමඟ සාකච්චාවකදීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම් එකඟතා ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යාමේදී ජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.