Spread the love

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක් මගින් ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මූලික වන්නේ ආනයන ආදේශක ආර්ථිකයක් බවත් පවසන ඔහු එම ක්‍රමයෙන් ආර්ථිකයක් ගොඩගත නොහැකි බවත් අපනයන සහිත කර්මාන්ත ඇති කළ යුතු බවත් කියා සිටී.

ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ ජාතික ජන බලවේගය මෙරට තුළ සිදු විය යුත්තේ ආනයන ආදර්ශන වැඩපිළිවෙළක් බව සඳහන් කර ඇති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.