Spread the love

මාලිමාවේ නායකයන් කුමක් කිව්වද කාන්තා අඟපසඟ පෙන්වා පෙරහැරවල් ගොස් ආර්ථිකය ශක්තිමත් කිරීමට තම පක්ෂය සූදානම් නැතැයි එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සඳහන් කරයි.

ආණ්ඩු බලය ඉල්ලන ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්මක් කුමක්දැයි තමන් නොදන්නා බවද ඇය සඳහන් කලාය.

ලාල් කාන්ත මහතා පවසන පියයුරු පෙරහැර පිළිබඳව තමන්ගෙන් නොව එම පක්‍ෂයේ හරිනි අමරසූරිය මහත්මිය පිළිතුරු දිය යුතු බවද ඇය කියා සිටියාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කළාය.