Spread the love

ජාතික ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් අතර වෛද්‍යවරුන්, නිතිඥයින්, ගුරුවරුන් සහ වෘත්තියන් සිටින බවත්, එම අපෙක්ෂකයන් සුදුසු දේශපාලනයට නොව ඔවුන්ගේ වෘත්තියට පමණක් බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි වෙමිණි.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ දමිල ප්‍රගතිශිලි සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන තමන් ඇතුළු අනෙකුත් අපෙක්ෂකයන් දේශපාලනය පිලිබදව මනා අවබෝධයක් සහ පළපුරුද්දක් ඇති අය බවයි.

දේශපාලනය පිලිබදව නොදන්නා වෘත්තිකයන් දේශපාලනය සුදුසු නොවන බවත්, මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවයි.

දේශපාලනයෙන් තමන්ව ඉවත් කර හැක්කේ ජන්දදායකයන්ට පමණක් බවත්, වෙනත් කිසිවෙකුට තමන්ව දේශපාලනයෙන් ඉවත් කල නොහැකි බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම රැස්විමට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වි.රාධාක්‍රිෂ්ණන් සහ එම්.උදයකුමාර් යන මහතුන්ද අදහස් දැක්විය.