Spread the love

මාලදිවයිනේ ජනතාවට සිදුවන හදිසි අනතුරු ඇතුළු රෝග වලට ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වලට යොමු කිරීමට එරට රජය තීරණය කර ඇත.

මාලදිවයින විසින් මෙම තීරණය ගැන ඇත්තේ ශ්‍රී ලංකා රෝහල් පද්ධතියේ ඇති හදිසි ප්‍රතිකාරවල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව ඒ වෙනුවෙන්ම ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමටද දෙරට රජයන් අතර සාකච්චා පැවැත්වී තිබේ.

මින් පෙර මාලදියිනේ ජනතාව හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට ගියද නව වැඩපිලිවෙල යටතේ මාලේ සිට කටුනායක අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් මාර්තු මාසයේ සිට ආරම්භ වෙයි.