Spread the love

ගල්පොත්තයාය ප්‍රදේශයේ ක්ෂණිව මාර්ග බාධක යොදා කල සෝදිසි මෙහෙයුමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහන ය කල ජීප් රථයක් සමගින් සැකකරුවකු මිද්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුව ගත් සැකකරු ළග තිබී වෝටර් ජෙල් 120 ක් නූල් රෝල් 10 ක් සහ ඩෙටනේටර් 500 ක් හමුවූ බව පොලීසිය පවසයි.
අදාල සැකකරුව වීරකැටිය සිට ඇඹිලිපිටිය දෙසට මෙම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී කොටු කරගෙන තිබිණ. 55 හැවිරිදි සැකකරු මුල්ගිරිගල ප්‍රදේශයේ පංදිචි කරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මිද්දෙනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් සමරසේකර මහතාගේ උපදෙස් මත මිද්දෙනිය පොලිස් නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.