Spread the love

2024.06.25 වන දින රාත්‍රී කාලයේ මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේදී යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක් ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස අළුත්වැඩියාව සිදුකරන් සිටියදී එම දිසාවෙන්ම පැමිණි ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව ආපදාවට පත් බස් රථයේ පිටුපස ගැටී ඇති අතර බස් රථයහා රියදුරු සහ මගීන් කිහිපදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර ලොරි රථයේ රියදුරු හා මගියෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලටද ඇතුලත් කර ඇත.

මරණකරුවන් අතුරින් බස් රථයේ රියදුරු වයස අවුරු 39 ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය මාන්කුලම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාන්කුලම් පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි