මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත, මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සියලු මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූර්ණ නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ඒ මහතා අවධානය යොමු කර ඇත.
මීට අමතරව ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත