මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
එම ස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ ක‍්‍රීඩා පුහුණු පාසැලක් බවද හෙතෙම කියා සිටියේය.
මෙම වැඩසටහන වසර ගණනාවක් තිස්සේ සැලසුම් කර තිබූ එකක් බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේදී කර්මාන්තය අමාත්‍යංශ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.