Spread the love

දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපා​ලන පක්ෂවලට දැනුම්දී ඇති බව බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකෙරුවහොත් ආර්ථික වශයෙන් මෙම රට ගොඩ ගැනීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි වන බවයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවයි.

මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළේය.