Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර තිබේ.

වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.1 එකක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින හතකට රුපියල් බිලියන 70ක් එකතුකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන එක්කසිය හයකට ආසන්න මුදලක් යොදවා තිබේ.

ඒ හරහා බැංකු පද්ධතියට අතිරේකව එක් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යයි.

මෙය මහා බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූලවන අතර රජයේ අයවැය හිඟය පියවීමක් සිදු නොවෙයි.

රජයට අයවැය හිඟය පියවා ගැනීම සඳහා අදාළ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව සිදුකළ නොහැකිය.