Spread the love

මහනුවර නගරයේ පිහිටි මැණික් හා ස්වර්ණාඝරණ වෙළඳ සැලකින් රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කළ බව කියන එම වෙළඳ සැලේම සේවිකාවක් මහනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම මැණික් හා ස්වර්ණාභරණ වෙළද සැලේ හිමිකරු විසින් මහනුවර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව විමර්ශණ සිදු කළ පොලීසිය සැකකාරිය හඳුනාගෙන එම වෙළඳ සැලේම සේවිකාවක් වන සැකකාරිය අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

අත් අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අත් අඩංගුවට ගත් සැකකාරිය ළඟ තිබී රන් මුදු නවයක් සහ රිදී මුදු හතරක් පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩි දුර විමර්ශණ මහනුවර පොලීසිය විසින් සිදු කරයි.