නිමල් රාජපක්ෂ
මාතර සිට මහනුවර බලා ධාවන වන දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.45 ටගමන් ආරම්භ කළ සීඝ්රගාමි දුම්රිය එඩේරමුල්ල දුම්රිය ස්ථානයෙ ආසන්නයේදී දුම්රිය එංජිමේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇන හිට තිබේ .
පසුව දුම්රිය බලධාරීන් වෙනත් දුම්රිය එංජිමකින් නුවර බලා ධාවනයවන දුම්රිය රාගම දුම්රිය ස්ථානයට රැගෙන විත් කාර්මික දෝෂයට ලක්වු දුම්රිය එංජිම මේ මොහොත වනවිට (7.55 ) ගලවා ඉවත් කොට තිබේ. තව සුළු මොහොතකින් දුම්රිය යළි ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ගන්නා බවද දුම්රිය බලධාරීන් පවසයි.
මේ හේතුව නිසා මාතර සිට මහනුවර බල ගම්න් ගන්නා මගීන් පැය තුනකට වැඩි කාලයක් දුම්රිය තුළ රස්තියාදුවීමට සිදුවී තිබේ. මේ හේතුවෙන් කාර්යාල නිමවී නිවෙස් බලා ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කර තාවයන්ට පත්වුහ.