Spread the love

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක්  තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ ඇතැම් මාධ්‍ය විසින් එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට වාර්තා කර තිබුණද අද (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවයි.