Spread the love

මැයි 23 වැනි දා සිට ආරම්භ වන අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවත්වීම සදහා අවශ්‍ය විදුලි සැපයුම ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශාල පරිශ්‍රමයක් දරා ලබන මැයි 23 සිට ජුනි 1 දක්වා පැවත්වෙන අ.පො.ස සා/පෙල විභාගය සාර්ථකව පැවත්වීම සදහා විභාගය පැවත්වෙන කාලයන්හි සහ රාත්‍රිකාලයේ අධ්‍යන කටයතු සදහා විදුලිය සැපයීම තහවුරු කරමින් අවශ්‍ය සහාය ලබාදෙයි.

සිය දු දරුවන් මුහුණ දෙන මෙම විභාගය පැවත්වෙන 23 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා ඉරිදා දිනයන්හි හැර මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා,
“ප්‍රමාණවත් පරිදි විදුලිය ජනනයට විවිධ බාධා තිබුණත් මෙම විභාගය පැවත්වෙන කාල සීමාව තුලදි විදුලිය අවශ්‍ය පරිදි සැපයීම සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාල අනෙකුත් ආයතනවල සහාය ඇතිව විශාල පරිශ්‍රමයක් දරනවා. මෙවර විභාගය සදහා පෙනී සිටින ලක්ෂ 5කට අධික අපේ සිසු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සදහා විභාගය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අපි සියලු දෙනා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවටත් අපේ සිසු දරුවන්ටත් උපරිම සහාය දිය යුතු යි.

විභාගය පැවත්වෙන කාලයන්හිදී සහ විභාගය පැවත්වෙන රාත්‍රි කාලයන්හිදි විදුලි කප්පාදුවක් සිදු නොකිරීම සදහා අපි ඉතා අමාරුවෙන් පියවර ගෙන තිබෙනවා. විභාගය පවත්වාගෙන යාම සදහා යටිතල පහසුකම් සපයා දීම සදහා සියලු ආයතන වල සහාය විභාග දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුයි. අපි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා විභාගය පැවත්වෙන කාල සිමාව තුල මාර්ගවල අවහිරතා ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණ කරන්න එපා කියලා. රටේ දු දරුවන්ගේ ප්‍රධාන කඩයිම් විභාගයක් සාර්ථකව පවත්වාගෙන යාම සදහා ඔවුන්ට ලබාදිය හැකි උපරිම දායකත්වයත් ලබාදෙන ලෙස අපි මහජනතාවගෙන් ද ඉල්ලා සිටිනවා”
මේ සතියේ සිට නොරොච්චෝලේ බලගාරයේ ඒකක 3ම ක්‍රියාත්මක වීමට නියමිත අතර විභාගය පැවත්වෙන කාලය තුල ප්‍රමාණවත් පරිදි ජල විදුලිය ජනනය සදහා අවශ්‍ය ජලය මුදාහරින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජලකළමණාකරන ලේකම් කාර්යාලයෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය ජලය මුදා හැරීමට ජල කළමණාකරන ලේකම් කාර්යාලය එකග වී තිබේ. මෙම අභියෝගාත්මක අවශ්ථාවේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවත්වීම සදහා අදාල සියලු රාජ්‍ය ආයතනවලින් විශේෂ සහායක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලබාදිම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
විභාගය පැවත්වෙන කාලය තුළ විදුලිය සැපයීම පිළිබද විස්තරාත්මක කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවිය, ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවිය සහ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේද පළකර ඇතැයි ද ජනක රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේ