හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔහු අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර, අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.