Spread the love

යුක්තිය මෙහෙයුම යටතේ මරදාන ප්‍රදේශයේ කල ඊයේ (08) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 580ක් සහ මුදල් රුපියල් 95,840ක් සන්තකයේ තබාගෙන සිටි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 350ක් හා යතුරුපැදියක් සමග කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා මරදාන පොලිස් වසමේ සේරම් මාර්ගයේ සහ නොරිස් කැනල් ප්‍රදේශයේ දී කොටුකර ගැනීමට සමත්විය‍
අදාල සැකකරුවන් වැඩි දුර විම්ර්ශන කිරීම සදහා මරදාන පොලීසියට බාරදී ඇත.