Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ නායකත්වයකට භාරදීමට සූදානම් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැළණිය රජමහා විහාරය වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැළණිය රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් බැහැදැක සුහද පිළිසඳරකද නිරිත වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ මාධ්‍යවේදියෙකු විසින් ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ විමසීමක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා ඉතා සුවයෙන් පසුවන බවත්, කිසිදු අසනීපයක් නොමැති බවත් ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ,
” පේනවනේ මන් අසනීප ද? නැද්ද කියලා. මං හොදින් ඉන්නවා.. ඔහොම තමා කට්ටිය කියනවා.. ඒවා ගණන් ගන්න දේවල් නෙමේ.. ”