Spread the love

2025.03.08 වන දින රාත්‍රී කාලයේ වරකාපොල පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 61 ක් වූ ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇති අතර අසල්වැසි පුද්ගලයෙකු සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදු කල පහරදීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට විර්මශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.