Spread the love

ජනාධිපති ධුරයේ සිටින විට ලබා දෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අද (21) අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම දැනට රුපියල් ලක්ෂ 10 ක් මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය අගෝස්තු මාසයේ අවසන් වන බවත් ඉන් පසුව එය යළි රුපියල් 250,000 දක්වා අඩුකරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන්