Spread the love

නිමල් රාජපක්ෂ-

ඩුබායි සිට මෙරටට පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ ගමන් මල්ලේ තිබී රුපියල් මිලියන 78.2 ක් වටිනා බිස්කට් ඇතුළු උපකරණ තොගයක් රේගු අධීක්ෂණ අංශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් උපකරණ තොගයේ රත්තරන් බිස්කට් සහ ස්වර්‍ණාභරණ තොගයක් සහ ජංගම දුරකථන තොගයක් සොයා ගෙන ඇත. මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 3 කුත් ග්‍රෑම් 397 ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 74 ක් වන බව ගණන් බලා ඇත. ජංගම දුරකථන තොගය තුළ ස්මාර්ට් දුරකථන 91 ක් තිබු අතර වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 4.2 ක් වන බව ගණන් බලා ඇත . ඒ අනුව මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78.2 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

අද උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ අංක FZ547 ගුවන් යානයෙන් මෙරටට පැමිණ විශේෂ පුද්ගලයින් සඳහා වෙන් කර ඇති දොරටුව හරහා ගුවන් තොටුපළෙන් පිටත් වීමට පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඹහුව පරීක්ෂා කිිීරීමේදී රන්බිස්කට් ඇතුළු උපකරණ තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
සිද්ධිය පිළිබද රේගු නිලධාරීන් වැඩි දුර පරික්ෂණ පවත්වයි.