Spread the love

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බාදුරාගොඩ ප්‍රදේශයේදී දාසය හැවිදි පාසල් සිසුවකට පහරදී ඔහු සැඟවී සිටින බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑ සිසුවා දින පහක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ මව සඳහන් කරයි.

පසුගිය එකොළොස්වැනි දා පාසල ඇරී ගෙදර ගෙදර යමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇත.

පහර දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයිද පොලිසිය සඳහන් කරයි.