Spread the love

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධව විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ “සර්ව ජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් (27) ආරම්භ කෙරිණි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත වුණි.

ක්‍රමයට. අද මෙතන. හෙට අතන. අනිද්දා ආයේ මෙතන. ඒ නිසා රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දේශපාලනය ඉතුරු වෙලා තියෙන තැන තමයි සර්වජන බලය. ඒ නිසා අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා එකතු වෙන්නට ඕන. ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තියලා එකට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරගෙන යමු. ඒ සදහා අපි සමග එකතු වෙන්න.” යැයිද හෙතෙම කිවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අද ලෝකයේ ප්‍රධාන රටවල දේශපාලන දහම තමයි නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියලා කියන්නේ රාජ්‍ය අතුරුදහන් කරනවා. රාජ්‍ය භූමිකාව අහිමි කරන්න ඕන. ඒ වගේම සාමුහිකත්වය බිද දමන්න ඕන. ඕක තමයි නව ලිබරල්වාද දර්ශනය. නවසීලන්තය ගත්තොත් පාසලකට දරුවෙක් ඇතුලත් කිරීම සදහා අයදුම් පතක් පිරවීමේදී මව සහ පියා අහන්නේ නැහැ. ජේ. ආර් කිවේ “මට ගැහැණියක් පිරිමියෙක් කරන්න බැහැ පිරිමියෙක් ගැහැණියක් කරන්න බැහැ” කියලා විතරයි. දැන් රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පනතක් ගේනවා සමලිංගිකත්වය බලගන්වන පනතක්. එතකොට ජේ. ආර්ට කරන්න බැරි වුන දේ රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. එතකොට ගැහැණියකට පිරිමියෙක් වෙන්නත් පුළුවන්, පිරිමියෙකුට ගැහැණියක් වෙන්නත් පුළුවන්. දැන් මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද විවිධ ස්වරූපයෙන් අපේ හිස පල්ලේ ක්‍රියාත්මක වෙන්නේ. එකේ ආකාර දෙකක් තියෙනවා. දක්ෂිනාංශ ලිබරල්වාදය සහ වාම ලිබරල්වාදය. මේ කදවුරු දෙක තමයි අද ලංකාවේ දේශපලනයේ පිටින් තියෙන්නේ. දක්ෂිනාංශ ලිබරල්වාදයේ අද ඉන්න ප්‍රධාන නියෝජිතයා රනිල් වික්‍රමසිංහ. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා ගේනවා ප්‍රතිසංධානය සදහා පනතක් අපේ ආරක්ෂක හමුදාවට දඩුවම් කරන්න. වාමාංශික ලිබරල්වාදය ඒ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා 13 සම්පුර්ණ වශයෙන් බල ගන්වනවා කියලා. වාමාංශික ලිබරල්වාදයේ මහාචාර්ය හරිනි මන්ත්‍රීවරිය කියනවා ඒ සදහා සම්පුර්ණ සහය ලබා දෙනවා කියලා. ඒ වගේම ලාල් කාන්ත කියනවා නීති හැදීමේ බලය සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ජනපතිට නැහැ කියලා. ඒ කියන්නේ දක්ෂිනාංශ ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. ඊළගට ලිංගික සමානාත්මතාව ඇති කිරීම සදහා වූ පනත. එය කෙටුම්පත් කරමින් සිටිනවා. වාමාංශික ලිබරල්වාදය සද්ද නොකර ඉන්නවා. වාමාංශික ලිබරල්වාදය කියනවා සමන්මලී මැතිනිය කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන කියලා. ඒකට ටිල්වින් සිල්වා කියනවා නැහැ නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ කියලා. ඔහු තාම සංක්‍රාන්ති කාලයේ ඉන්නේ. ආයේ හරිනි කියනවා නැහැ නැහැ අපි නීතිගත කරන්නේ නැහැ ඒ සදහා වූ බාධාවන් නීති කිහිපයක් අයින් කරනවලු. ඒ වගේම දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි බුදුදහමට ගරු කරනවා. හැබැයි වාමාංශික ලිබරල්වාදය ඒ ගැන මුකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි දළදා මාලිගය වනදනාමාන කරනවා මල් වට්ටියක් අරගෙන ගිහින්. වාමාංශික ලිබරල්වාදය දළදා මාලිගය පැත්ත පළාතේ නොගිහින් ඉන්නවා. ඒක දැක්කාම නයාට අදුකොල වගේ. දැන් බෞද්ධ සංස්කෘතියට දක්ෂිනාංශ ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. ඒ වගේම වාමාංශික භික්ෂුවක් කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන. බුදු හාමුදුරුවොත් ගණිකාවන් ඇසුරු කළා කියලා. නිවැරදි ලිංගිකත්වය හොදම මර්ගයලු. බුද්ධ වන්දනාව එපා. බෞද්ධ සංස්කෘතියට ගහනවා බෞද්ධ දර්ශනය රකිනවා කියමින්. බෞද්ධ සංස්කෘතිය නැතුව දර්ශනය තෝරා ගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා මේ දෙක නිවුන් සහෝදරයෝ වගේ. බොරු විරෝධයක් එළිපිට පෙන්නුවාට ඇතුලෙන් තියෙන්නේ අන්තර්කාලින සමගියක්. තව එකක් තියෙනවා. දක්ෂිණාංශික ජාතිකවාදය. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ගොල්ලෝ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ප්‍රධානතම පෙරගමන්කරුවා වුන රනිල්ට අත උස්සන හින දේශපාලන දාසයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් රනිල් ගේන ඕන පනතකට අත උස්සන කුලීකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙම ලිබරල්වාද දෙකටම විරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සදහා සර්ව ජන බලය සමග එකතු වෙන්න.