Spread the love

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් පිටව යාමේදී පාර්ලිමේන්තුවේ පිවිසුම් සියල්ල අවහිර කරමින් මහජනතාව විරෝධතාවල නිරතවීම හේතුවෙන් අද (06) දිනයේ දැඩි අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුනා.

මෙසේ අර්බුදයන්ට මුහුණ දීමට සිදුවුයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතුරු මාර්ගයකින් පිටව යාමට උත්සාහ කිරීමත් සමඟ ජනතාව හා මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැනීමෙනි.

මහජනතාව හා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් මෙහිදී සිදුවී තිබෙන බවද වාර්තා වෙනවා. .