Spread the love

මධ්‍යම කදුකරයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයේ වෙනසක් මේ වන විට සිදුව තිබුනද නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග කිපයක විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හමුවේ විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්. එම්. එම්. බි. බණ්ඩාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පැවති වැසි තත්වයන් මේ වන විට මදක් පහාව ගොස් තිබුනද නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන යන ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවලද උදේ කාලයේ හා සවස් කාලයේ විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.

සමහර අවස්ථාවලදි මාර්ග නොපෙනි යන ආකාරයෙන් මෙම මාර්ගවල ඝන මීදුම් තත්වයන් ඇතිවන බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙකි මාර්ගවල රථ ධාවනය කරවිමේදි තම රථ වාහනවල ඉදිරි පස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරි ලෙස තම රථ වාහන ධාවනය කරවන ලෙස සියලුම රියදුරන්ගේ ඉල්ලා සිටින බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.