Spread the love


නිමල් රාජපක්ෂ-

අළුත්ගම හිරිගල් ගොඩැල්ල ,දළුවත්ත හා කලුවාමෝදර පොල්වත්ත යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 3ක් හා අලෙවි කරන ස්ථානයටක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 4 දෙනෙකු ඊයේ (02) අළුයම කළුතර හා අළුත්මගම සුරාබදු නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන දින සීයේ වැඩසටහනට සමගාමීව මෙම සෝදිසි මෙහෙයුම් දියත් කල බව කළුතර දිස්ත්‍රක් සුරාබදු අධිකාරී සුගත් කොලොන්න මහතා පැවසුවේය.


මත්පැන් නිෂ්පාදනාගාර මඩ ගොහුරු සහිත ලදු කැලෑබද ස්ථානවල පවත්වාගෙන ගොස් තිබු අතර දැඩි පරිශ්‍රමයක් යොදා මත්පැන් ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිස්පු ස්ප්‍රීතු මිලි ලීටර් 12 000, බැරල් 5 ක් දගර ඇතුළු පෙරණ උප පරණ තොගයක් තිබු බව පවසයි.
සැකකරුවන් සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේදි කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් අංක 02 සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරන මහතාගේ උපදෙස් මත ,කලුතර දිස්ත්‍රික් සුරාබදු අධිකාරී සුගත් කොලොන්නෙ මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ , අළුත්ගම සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක දමිත ජයන්ත, සුරාබදු පරීක්ෂක විරාන් සමරවීර ,සුරාබදු කෝප්‍රල්වරුන්වන 614 එම්.එල්.ටි . ආනන්ද , 814 P.G.S.රණසිංහ , 921 සරත්චන්ද්‍ර ගුණරත්න ,සුරාබදු නියාමක රියදුරු හපුතන්ත්‍රිගේ චන්දන යන නිලධාරීන් , කලුතර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රදීප් ජයවර්ධන ඇතුලු කළුතර සුරාබදු ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කළහ.