නිමල් රාජපක්ෂ-
මහජනතාවට නියම ප්‍රමිතියෙන් යුතු මත්පැන් ලබා දීමේ අරමුණින් පුගොඩ පිහිටි මධ්‍ය සුරාබදු රසායනාගාරය ඉදිරි මාස තුන ඇතුළත වීවෘත කිරීමට නියමිත බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
මේ අනුව දිවයින පුරා පිහිටි සෑම මත්පැන් නිෂ්පාදනාගාරයකින් ම හා මහ රා නිෂ්පාදනාගාරය තුළින් නිපදවන මත්පැන් සදහා රසායනික විශ්ලේෂණයක් සිදු කිරිමට මධ්‍ය සුරාබදු රසායනාගාරය තුළින් සිදු කිරීමට නියමිතය.
රසපරිික්ෂක දෙපාර්තුමේන්තුවේ කාර්යභාරයත් සමගින් කරන්න අපහසු බැවින් වෙනමම මත්පැන් පරික්ෂා කිරීිමේ අරමුණින් මධ්‍ය සුරාබදු රසායනාගාරය පිහිටු වීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා තීරණය කොට ඇත. මේ තුළින් මත්පැන් පිළිබදව රසායනික විශ්ලේණය සිදු කිරිමට නියමිතයි. මෙහිදී කවුරු න් හෝ කිසියම් නිෂ්පාදනයක් සිදු කිරිමට යෝජනා හෝ බලපත්‍රයක් ලබා ගත හොත් ඒ සදහාද ඹහුගේ නිෂ්පාදනය පිළිබදව ප්‍රමිතිගත නිෂ්පාදනයක්ද යන්න මේ තුළින් පරික්ෂා කර ගැනීමේ පහසුකම් ඇතිවනු නොඅනුමානයි.
මත්පැන් සදහා අධික ලෙස බදු බැඩිවීමත් සමගින් ජනතාව මත්පැන් මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බැබින් නීති විරෝධි මත්පැන් සදහා යොමුවෙන ප්‍රවන තාවය දිනෙන්දිනඉහළ යාමට පටන් ගෙන ඇති බැවින් සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිිරි මහතාගේ සංකල්පයකට අනුව සහන මිලට ජනතාවට මත්පැන් වර්ගයක් ලබා දීමටත් , විදේශීය වෙළද පොල අරමුණු කරගෙන මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරිිමට අදහසක් තිබෙන බවද මෙහිදි අනාවරණය විය,
දනට මිලියන දහයක් පමණ පුගොඩ මධ්‍යම සුරාබදු රසායනාගාරය ඉදිකිරිමට වැයවී තිබෙන අතර ර අධියර තුනකින් මෙම රසායනාගාරය ඉදි කොට ජනතාවට ප්‍රමිතිගත මත්පැන් වර්ගයන් පානය කිරිමේ සහසුව මධ්‍ය රසායනාගාරය තුළින් ලබා දිමට පියවර ගන්නා පවසද නිරෝෂ් ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු නිරෝෂ් ජයකොඩි මහතා,
විඩියෝව නරඹන්න