Spread the love

කිලිනොච්චිය මුරුකන්ඩි වසන්තනගර් ප්‍රදේශයේදී කේරලා ගංජා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියි.

කෙරෙල ගංජා ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දී ඇත.

එහිදී පොලිසි විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වසන්තනගර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසියේදී අදාල කැබ්රථය අධික වේගයකින් ධාවනය වීමෙන් තිබියදී නැවත්වීමට පියවර ගන්නා ලදී.

කැබ් රථය නවත්වන අවස්ථාවේදී කැබ් රථය තුළ තිදෙ‌නෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිධාරීන් සමත් විය.

පසුව කැබ් රථය පරිස්සා කිරීමේදී කැප රථය තුළ සඟවා තිබූ පාර්සල් දෙකක් හමු වී ඇති අතර ඒහි කේරල ගංජා කිලෝ ග්‍රෑම් 04ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර පලාගිය සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරල ගංජා තොගය කිලිනොච්චිය පොලීසිය භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගනු ලැබීය.