Spread the love

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි අද (07) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදි කළද පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.