එන්සි නැමති ගංජා මිශ්‍ර මත්කුඩු කිලෝ හයයි ග්රැම් අටසියක් සමග සැකකරුවෙකු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින්අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිස් කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් නිවස සොදිසි මෙහෙයුමක් දියත් කර සගවා තිබු මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ රටකින් ආනයනය කරනු ලබන එන්සි නැමති මත්කුඩු මෙරට අලෙවි කිරිම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබියදි සැකකරු මත්කුඩු රැගෙනවිත් කුඩා පැකට් වල අසුරා පාසල් ළමුන් ඇතුළු තරුණ පිරිස් ඉල්ලක් කරගනිමින් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව වු පුද්ගලයෙකු බවත්, සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.