Spread the love

‘්මචං ණය ටික අමතක කරලා දාමු’ යැයි පවසමින් ඩොලර් බිලියන 100ක් පමණ වූ රටේ විදෙස් ණය නොගෙවා සිටිය නොහැකි බව සමගි ජන බලවේග හා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ගමේ සමෘද්ධි බැංකුව පවා ණයක් නොගෙවුවොත් නඩු පවරන බවද පැවසූ ඔහු ජනතාව රැවටීමට එවැනි විහිළු කතා නොකිවයුතු බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනක් යටතේ සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙරට පාසල් පද්ධතියේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවද පැවසූ ඔහු කවුරු දේශනා කරමින් කයිවාරු ගැහුවද විසඳුම් ලබා දීමට කයිවාරුවෙන් නොහැකි බවද කියා සිටියේය.