නියමිත පරිදි මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කලහොත් මහපාරේ ප්රජාතන්ත්රවාදී සාමකාමී අරගලයක් සිදුකරමින් කෙසේ හෝ මැතිවරණය ලබාගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මැතිවරණයක් පවත්වන තුරු ජන අරගලයක් මහපාරේ අඛණ්ඩව ක්‍රියාත්මක කර ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ලබා ගන්නා බවත් විපක්ෂ නායක වරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කඹුරුපිටිය ප්‍රදේශීය දී පැවති ජන හමුවක් අමතමිනි.
රට විනාශ කල රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවද ඉන්පසු පසු බලයට පත්වූ රාජපක්ෂ හෙවනැලි හා රාජපක්ෂ රූකඩයක් වූ ජනාධිපතිවරයා රට තව තවත් විනාශ මුඛයට ඇද ගෙන යන බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.