Spread the love

භික්ෂූන් වහන්සේ නමකගේ පහරදීමක් හේතුවෙන් දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාට එම විදුහලේ ඉගැන්වීම් කටයුතු කරන ගුරු හිමි නමක් මෙසේ පහර දී තිබේ.

මීට පෙර ද මේ ආකාරයෙන්ම එම හිමිනම තම දරුවාට පහර දුන් බව දරුවාගේ මව කියා සිටී.

මේ පිළිබඳව මිද්දෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.