Spread the love

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය අද (03) විරෝධතාවයක නිතර වුණා.

එම විරෝධතාවය විහාරමහාදේවී උද්‍යානය අසලින්ආරම්භ කර තිබූ අතර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසල ඇති පොලිස් මාර්ග බාධකය ඉවත් කරමින් ඉදිරියට පැමිණි විරෝධය මහ බැංකුව අසල ඇති පොලිස් මාර්ග බාධකයද ඉවත් කර ජනාධිපති මන්දරය අසලට පැමිණ තිබුණා.

පසුව ජනාධිපති මන්දිරය අසල සුළු වේලාවක් විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය පසුව ගාලු මුවදොර අරගල භූමිය වෙත ගමන් කළා.