Spread the love

ගතවන කාලය තුළ භාරකාර ආණ්ඩුවක් යටතේ කිසිවක් සිදුවේයැයි බලාපොරොත්තුවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසයි.

මැතිවරණ නීතිය අනුවද භාරකාර ආණ්ඩුවකට අලුත් දෙයක් සිදු කළ නොහැකි බවද ඔහු කියා සිටී.

භාරකාර ආණ්ඩුවකට මැතිවරණ කාලයේ කළ හැක්කේ පවතින දේ පවත්වාගෙන යාම පමණක් බවත් ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.