Spread the love

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන්කරයි

සීමා ලිහිල් කර ඇති අයිතම 10 අතර ශක්තිජනක පාන, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) පුවරු, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ඇතුළත් වන බවයි සඳහන්

මෙලෙස ආනයන සීමා අවස්ථා තුනකදී ලිහිල් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.