Spread the love

පසුගිය පසළොස්වක පොහොය දිනයෙහි විහාරස්ථානයේ බෝධි පූජාවක් පවත්වන සිටි භික්ෂූන් වහන්සේ නමකට පහරදී මුදල්ද කොල්ල කා ගිය කණ්ඩායමක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අරලගංවිල පොලිසිය සඳහන් කරන්නේ 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යාය එක පිඹුරත්තෑව සුදර්ශ සුධර්මාරාම විහාරස්ථානයේ බෝධිපූජාවක් පවත්වමින් සිටී භික්ෂූන් වහන්සේට අතින් පයින් හා හෙල්මටයකින් අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

භික්ෂූන් වහන්සේටත් එම බෝධි පූජාවට සහභාගි වූ පිරිසටත් මෙම පහරදීම සිදු කර ඇත.

පහරදීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය තවදුරටත් කියා සිටියි.