Spread the love


නිමල් රාජපක්ෂ

තීරු බදු නොගෙවා මුහුදු මගින් බෝට්ටුකින් මෙරටට ආනයනයක කළ රුපියල් කෝටි ගණනක් විටිනා තෙන්ඩු කොල අඩංගු බෝට්ටුවක් සමගින් ඉන්දියන් ජාතිකයින් පස් දෙනෙකු මීගමුව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් බෝට්ටුව තුළ තිබි තෙන්ඩු කොල කිලෝ 2175 ක් සොයාගත් බව සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.

අ්‍ළුමය එකට පමණ මීගමු මුහුදු තීරීයේ බෝටුටුවක ආධාරයෙන් ගොස් මෙම සැකකරුවන් පැමිණි බෝට්ටුව පැය 9 ක මෙහෙයුමකින් පසුව ජීවිත අවධානම පවා නොතකා ගොස් අත්අඩංගුවට ගැනීමට මීගමුව සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මෙහිදි නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බෝට්ටුව තෙන්ඩු කොල තොගය හා ඉන්දියන් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.


අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගය සමගින් සැකකරුවන් මීගමුව සුරාබදු ස්ථානයට රැගෙන එන ලදි.
ඉන් අනතුරුව සුරාබදු කොමසාරිස් ජෙනරාල්එම්.ජේ ගුනසිරි , නියෝජය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි යන මහත්වරු පැ මින සැකකරුවන් භාෂා පරිවර්තකයකු මගින් කථාකොට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් පස් දෙනාට රුපියල් ලක්ස 25ක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියමකොට ඇත.


එම සමථ ගාස්තුව ලංකා බැංකුවේ මීගමුව ශාඛාවේ තැන්පත් කිරීමෙන් පසු ඹවුන් කොල්ලුපිටිය පොලිසිය හරහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට බාරදීමට පියවර ගෙන තිබේ..

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත .ජාඇල සුරාබදු අධිකාරි ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් , මීගමුව සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතා ඇතැළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ