මුල්කිරිගල , ගුණරත්න
වලස්මුල්ල , වරාපිටිය ,හඳුගල දෙයියන්දර ප්‍රධාන මාර්ගයේ පාතේගම අගුණුමැල හේන ලඟ බෝක්කුව කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පුර්ණ නතර වී ඇත.
මේ හේතුවෙන් පාසල් දරුවන් මෙන්ම රැකි රක්ෂා වලට යන දහස් ගනණක් ජනතාවටද දැඩි අපහසු තාවයක්ට පත්වී තිබේ.
තේ දළු ප්‍රවාහනයට ද දැඩි බලපෑම් සිදුව ඇත.
මෙම පාලම පසු ගිය කාලයේ ඉදි කිරීමට මුදල් වෙන් වුවත් ආණ්ඩු වෙනස් වීමෙන් එය අඩ පන වී තිබු අතර මෙම පාලම ඉදි කිරීමට ගෙන එන ලද ලක්ෂ ගණනක් වටිනා කම්බි ආදියද දිරාපත් වෙමින් පවතී.
මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන් මේ වනතෙක් මේ පිළිබදව කිසිදු පියවරක් ගෙන තැන.වගකිය යුක්තන්ගේ අවධානය යොමු කර මෙම පාලම ඉදි කර දෙන ලෙස ඡනතාව ඉල්ලා සිටී.