මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බව හා IMF සමඟ කොන්දේසි දැන නොසිටි බවට ප්‍රකාශ කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නමුත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ එම ගැටලු සියල්ලම දැනගෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුවට දැන් ඇත්තේ දුන් පොරොන්දු සම්බන්ධයෙන් තවදුරටත් බොරු ප්‍රකාශ කිරීමෙන් වැළකී, බැරි නම් ‘බැහැ’’ යැයි ප්‍රකාශ කිරීම බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 270කට වැඩි ප්‍රමාණයකට තරග කරන බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.